කප්පම් ලබා ගැනීමට තරුණයන් 11ක් පැහැරගෙන යෑමේ සිද්ධිය නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් 19දා තෙක් රක්‍ෂිතයට

  👤  2084 readers have read this article !
By mawbima 2018-12-07

අමිල අබේරත්න

තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළා යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා මේ මස 19 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (05දා) නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර සිටියේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය. කප්පම් ලබා ගැනීමට සම්බන්ධ වූ පුද්ගලයන් මේ වන විට අනාවරණය කරගෙන තිබෙන බවද කප්පම් ගැනීමට සම්බන්ධ වී ඇති ඉහළගෙදර ධර්මදාස, ලක්‍ෂ්මන් උදය කුමාර යන අය කප්පම් ගැනීමට අදාළව සිදු කළ දුරකථන සංවාදවල වාර්තා ලබාගෙන ඉදිරි නඩු දිනයේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන බවද සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරි වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon