‍ෙදාස්තර නෝනලා විලාශයෙන් යාපනයේ ශික්ෂණ රෝහලට ආපු දෙදෙනා සොයා පරීක්ෂණ

  👤  2187 readers have read this article !
By mawbima 2018-12-07

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වෛද්‍යවරියන් දෙදෙනකුගේ විලාශයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඊයේ (5දා) දහවල් පැමිණ ඇති කාන්තාවන් දෙදෙනකු සොයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ කාන්තාවන් දෙදෙනා ඉතා වැදගත් ලෙස හැද පැලඳ වෙද නළාවන් දෙකක්ද සහිතව යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාන ගණනාවකටම ගොස් තිබේ.

මේ බව රෝහලේ සවිකොට ඇති කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය වී ඇති බව යාපනය රෝහල් පොලිසියට රෝහලේ නිලධාරීන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ කාන්තාවන් දෙදෙනා රෝහලේ බොහෝ තැන්වල ඇවිදීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් ඇති අතර එසේ පිටව යෑමට පෙර රෝහල අසල රැඳී සිටි තරුණයන් දෙදෙනකු සමඟ යමක් සාකච්ඡා කොට ඔවුන් හතර දෙනාම රෝහල් භූමියෙන් පිටව ගොස් ඇත.

මේ කාන්තාවන් දෙදෙනා මේ ආකාරයට හැසිරුණේ මන්දැයි යන්න යාපනය ශික්ෂණ රෝහලේ සියලුම දෙනාට විශාල ප්‍රශ්නයක් වී තිබේ. රෝහලේ නිලධාරීන්ගේ පැමිණිල්ලක් මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon