මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් එළැඹෙන උත්සව සමයේදී ආහාර සුරක්ෂිතතා වැඩසටහන්

  👤  2069 readers have read this article !
By mawbima 2018-12-07

උදයන්ති මුණසිංහ

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම් මහෙන්ද්‍ර බාලසූරිය මහතා 'මව්බිම'ට සඳහන් කළේ ලබන 16 වැනිදා සිට 30 දින දක්වා ලංකාව පුරාම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව කතෝලික බැතිමතුන්ගේ නත්තල් උත්සවය සහ 2019 නව වසර නිමිත්තෙන් උත්සව සමයේ ආහාර නිෂ්පාදනය කරන හා බෙදාහරින ස්ථාන පරීක්ෂා කරන අතර ඒවායෙහි තත්ත්වය, ස්වභාවය සහ ගුණය පරීක්ෂාවට ලක් කරන බවත් ඔහු පැවැසුවේය.

උත්සව සමයේදී වර්ණක යෙදූ විසිතුරු ආහාර වැඩි වශයෙන් වෙළෙඳපොළට පැමිණෙන බවත්, එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම කතෝලික බැතිමතුන් වැඩිපුර ජීවත්වන මීගමුව, වත්තල, ක¼දාන වැනි ප්‍රදේශවල රාත්‍රි වැටලීම් සිදුකරන බවත් ඔහු පැවැසුවේය. මීට අමතරව ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි වෙළෙඳපොළට පැමිණෙන අත්‍යවශ්‍ය ආහාර පිළිබඳ දැඩි අවධානය යොමු කරන අතර, මේ වැටලීම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ක් යොදවා තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon