මියගිය සැමියාගේ සිරුර භාර ගන්න බිරියන් දෙදෙනකු ඇවිත්

  👤  2146 readers have read this article !
By mawbima 2018-12-07

පයාගල - සුජිත් මාරියෝ

හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති 49 හැවිරිදි අයකුගේ මෘත ශරීරය භාරගැනීමට බිරියන් දෙදෙනකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් දෙදෙනා අතම නීත්‍යනුකූලව විවාහ වූ විවාහ සහතික තිබීම
විශේෂත්වයක් විය.

මියගොස් ඇත්තේ දකුණු කළුතර පන්විල ටෙරස්හි පදිංචිව සිටි කෝට්ටගොඩ කංකානම්ගේ පේමසිරි ප්‍රනාන්දු නම්වූ අයෙකි.

කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ පැවැති එම හදිසි මරණ පරීක්ෂණයේදී 52 හැවිරිදි පළමු බිරිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

මියගොස් ඇත්තේ මගේ ස්වාමි පුරුෂයායි. විවාහ වී අවුරුදු 15ක් වෙනවා. එක් පුතකු සිටිනවා. සැමියා වෙළෙඳ නියෝජිතයකු ලෙස සේවය කළා. සැමියාත් මාත් දරුවාත් එකම ගෙදර ජීවත් වුණා.

සිද්ධිය වූ දින උදේ පුතා සමඟ පාසලට ගියා. මා පාසල ළඟ සිටින විට මගේ අයියාගේ බිරිය පැමිණ සැමියා වැටී සිටියදී රෝහලට ගෙන ගිය බව කිව්වා. මා නාගොඩ රෝහලට ගොස් බලන විට සැමියා මියගොස් තිබුණා.


54 වියැති දෙවැනි බිරිය,
මා එතැනට ගොස් බලන විට පේමසිරි අයියා පාර මැද වැටිලා සිටියා. ඔහුගේ බයිසිකලය පාරේ වැටී තිබුණා. මා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මම ත්‍රීවීල් එකකින් ඔහු කළුතර නාගොඩ රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරයා කිව්වා.

මෙහිදී පළමු බිරිය යළි සාක්ෂි දෙමින් මෙසේ ප්‍රකාශ කළාය.

"මිය ගොස් සිටින සැමියා මීට පෙර වෙනත් අයකු සමඟ විවාහ වී සිටියා. මේ සම්බන්ධව මා ගල්කිස්සේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරූ අතර ඉන් සැමියා වරදකරු වුණා. ඒ අනුව සැමියාගේ සිරුර පළමු බිරිය වූ මා හට භාර දීමේ අයිතියක් ඇති බව පිළිගත්තා.

මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බැලූ මරණ පරීක්ෂකවරයා වෙත මෙය හෘදයාබාධයක් හේතුවෙන් වූ මරණයක් බව නිගමනය කළේය.

මොහුගේ පළමු විවාහක බිරියට මළසිරුර භාරදීමට තීරණය කළ මරණ පරීක්ෂකවරයා අවමංගල්‍යයට සහභාගි වීමට දෙවැනි බිරියට හා දරුවාට ඉඩකඩ ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon