හොර පාරෙන් ගෙන් වූ රුසියාවේ හදන පිළිකා ඔෟෂධ දෙකක් නිසා ගත වූ අවුරුදු 2කට බිලියන 3.8ක පාඩුවක්

  👤  2121 readers have read this article !
By mawbima 2018-12-07

හර්ෂනී අර්සකුලරත්න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත රුසියාවේ නිෂ්පාදිත පිළිකා ඔෟෂධ ද්විත්වයක් මෙරටට ගෙන්වීමෙන් පසුගිය දෙවසර තුළ රුපියල් බිලියන 3.8ක පාඩුවක් සිදුවී ඇති බවත් ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත්කොට සිදු කර ඇති අක්‍රමිකතාවල වරදකරුවන්ට වහා දඬුවම් පැමිණවිය යුතු බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ සමයේදී සිදුවී ඇතැයි පැවසෙන මේ සිදුවීම මූල්‍ය අක්‍රමිකතාවක්ම පමණක් නොවන බවත් ගෙන්වා ඇති එම ශිරාගත කරන ඔෟෂධවල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු පැවැතීම රෝගී ජීවිත නොතකා හැරීමක් බවත් එම සංගමයේ සභාපති සංජය පෙරේරා පැවැසීය.

ඊයේ (06දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු එසේ පැවැසීය.

ටෙරසිසුමැබ් (ඊඥපචලඪඵභථචඡ), බෙවසිසුමැබ් (ඕඥමචලඪඵභථචඡ) නමින් හඳුන්වන පිළිකා රෝගීන් සඳහා ලබාදෙන එම ඔෟෂධ 2015 වසර තෙක් බවර්ස් සමාගම හරහා මෙරටට ආනයනය කළද 2016 වසරේ සිට එම ටෙන්ඩරය ෆර්මාඒස් (පෞද්.) සමාගමට ලබාදී ඇත්තේ ටෙන්ඩර් පටිපාටීන් පවා උල්ලංඝනය කරමින් බවට ඔහු චෝදනා නැඟීය.

ලොව පිළිගත් ආහාර සහ ඔෟෂධ අධිකාරියේ (ටධධඤ චදඤ ඤපභඨඵ චනනපධමචත) අනුමැතිය සහිත මෙරට පිළිකා වෛද්‍යවරු පවා අනුමත කරන මාර්ස් පෞද්ගලික සමාගම ආනයනය කරන ඔෟෂධ වර්ගය අවම මිල ලෙස ලංසු තබා තිබියදී ඊට වඩා ඉහළ මිලක් යටතේ ලංසු තබා තිබූ ෆර්මා ඒස් (පෞද්.) සමාගමට ටෙන්ඩරය ලබාදීම ගැටලුවක් බවද හෙතෙම පැවැසීය.

එසේම ඔවුන් ආනයනය කරන රුසියාවේ නිෂ්පාදිත ඔෟෂධය පෙර කී ලෝක ප්‍රමිති අනුමැතිය තබා නිෂ්පාදිත රටේ හෝ අනුමත නොකළ ඔෟෂධයක් බවද ඔහු ප්‍රකාහ කළේය.

හර්ටිකැඩ් යන වෙළෙඳ නාමයෙන් එම ඔෟෂධය ෆර්මාඒස් (පෞද්.) සමාගමට සැපයීමට ටෙන්ඩරය ලබා ගැනීමේදී ශ්‍රී ලංකා පිළිකා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (ඉපඪ ඹ්චදඬච ජධතතඥඨඥ ධට ර්ණීදජධතධඨඪඵබඵ) සායනික ප්‍රතිඵල සහිත නිර්දේශ වාර්තාවක් ලබාගත යුතුව තිබුණද එවැන්නක් එම ක්‍රියාපටිපාටිය තුළ සිදු නොවී ඇති බවටද හෙතෙම චෝදනා නැඟීය.

මේ සම්බන්ධව එම විද්‍යාලය සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙතද ලිපි 2ක් යොමු කරමින් මේ ඔෟෂධය රෝගීන්ට එන්නත් කිරීමට තවමත් සුදුසු නොවන බවට දන්වා ඇතත් ඒ කිසිවක් නොතකමින් අදාළ සමාගම වෙත රුපියල් මිලියන 990ක් වටිනා ටෙන්ඩරය ප්‍රදානය කොට ඇතැයිද හෙතෙම පැවැසීය.

මේ සමාගමේ හිමිකාරීත්වය රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වන රූබි මොහොමඩ්ගේ ඥාතීන්ට හිමි බවත් රූබි මොහොමඩ් යනු හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ සමීපතම හිතවතකු බවත් ඔහු පැවැසුවේය.

හිතවත්කම් මත මෙවැනි අති විශාල මූල්‍ය පාඩුවක් රටට සිදුකිරීම හා බලධරයන් රෝගී ජීවිත ගැන නොතකා ක්‍රියාත්මක වීම පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළ යුතුව පවතින බවත් සිය සංගමය මේ පිළිබඳ ජනාධිපති කාර්යාලය පවා දැනුවත් කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

රාජිත ඇමැතිවරයාගෙන් පසුව පත් වූ ඇමැති චමල් රාජපක්‍ෂවද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සමඟ නිසි ටෙන්ඩර් පටිපාටීන්වලින් බැහැරව ක්‍රියාත්මක වීම් වළක්වාලන ලෙස ඔහු නියෝග කළද පවතින තත්ත්වය මත එම කටයුතු මඳකට නතර වී ඇති බවද ඔහු පැවැසුවේය.

එසේම ජනාධිපතිවරයා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් අවම මිල සහිත ඔෟෂධය ගෙන්වීමට 50%ක මිලට ගැනුම් නියෝගයක් නිකුත් කර ඇති බව සැලවී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon