එජා පෙරමුණෙන් කවුරු අගමැති කළත් අපි සහාය දෙනවා

  👤  2267 readers have read this article !
By mawbima 2018-12-07

ලක්ෂ්මී ජයකොඩි

එක්සත් ජාතික පෙරමුණෙන් කවරකු අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කරනු ලැබුවද තමන් ඊට සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවේ ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය ධුරය සඳහා කවරකු නම් කරන්නේද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවත් පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පාර්ශ්වය නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කරයි නම් එයට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා "මව්බිම"ට පැවැසීය.

ඒ මහතා පැවැසුවේ රනිල් වික්‍රමසිංහ මහතාම යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙකත් ප්‍රකාශ කොට නොමැති බවයි.

දෙමළ ජාතික සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් අතර ඇති ලිඛිත කොන්දේසි තිබේදැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවැසුවේ ලිඛිත කොන්දේසි ගැනීමට සිය සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය රටවල් දෙකකදැයි ප්‍රශ්න කළ මන්ත්‍රිවරයා තමන්ට අවශ්‍ය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විස¼දා ගැනීම පමණක් බවත් අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon