දේශපාලන අර්බුදයට විසඳුම මැතිවරණයක්

  👤  2089 readers have read this article !
By mawbima 2018-12-07

ශිරාන් රණසිංහ,

ජයත් ශ්‍රී බණ්ඩාර

දේශපාලනයට ඒම පිළිබඳ තාමත් කිසිදු තීරණයක් තමා ගෙන නොමැති වුවත් රටේ දේශපාලන අර්බුදය හමුවේ මහ මැතිවරණයක් පැවැත්වීම හොඳම තීරණය යැයි තමා විශ්වාස කරන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් මහතා පැවැසීය.

කොළඹ 07, බස්නාහිර සෞන්දර් නිකේතනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ඊයේ (6 වැනිදා) මේ බව කියා සිටියේය.

තමා මේ වන විට පොහොට්ටු පක්ෂයේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සාමාජිකත්වය ලබා ගත්තද දේශපාලනයට ඒම හෝ නොඑම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැතැයි සඳහන් කළේය.

රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට ඇති එකම විසඳුම මහ මැතිවරණයක් යැයි හෙතෙම විශ්වාසය පළ කර සිටියේය.

තමා ක්‍රීඩකයෙක් ලෙස රට වෙනුවෙන් ඉතා වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කළ බවත් දේශපාලනය වුවද එලෙසම කිරීමට හැකියාව ඇති බවත් පැවැසීය. යුද්ධය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ ගෞරවයක් ඇතැයිද දේශපාලනයට නාවත් මේ වන විටත් ජනතා සේවයට ඇප කැප වී සිටින බවද හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් මහතා තවදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon