විදේශීය බලවේග මෙරට දේශපාලනය හසුරුවනවා

  👤  2660 readers have read this article !
By mawbima 2018-12-07

ශිරාන් රණසිංහ, ජයත් ශ්‍රී බණ්ඩාර

උද්ගතව තිබෙන දේශපාලන අර්බුදය අවසන් කර රට නිවැරැදි මාවතට ගැනීමට වහා මහ මැතිවරණයක් පැවැත්වීමට සියලු දෙනා පියවර ගතයුතු බව ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා මහතා පැවැසීය.

2005 මැතිවරණයට පෙරාතුව රටට ගැළපෙන නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සුදුසු බව කලාකරුවන් පිරිසක් ජනතාව හමුවේ කී බවත් එම දැක්ම නිවැරැදි බව තහවුරු කරමින් මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්ව ඉතා කෙටි කාලයක් තුළදී කුරිරු ත්‍රස්තාවදය මුලිනුපුටා දැමූ බවත් ඒ මහතා කියා සිටියේය.

කොළඹ 07, බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ ඊයේ (6 වැනිදා) පෙරවරුවේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවැසීය.

මේ වන විට විදේශීය බලවේග මෙරට දේශපාලනය හැසිරවීමට පටන්ගෙන ඇතැයි දැනෙන බවද වහා මැතිවරණයකට ගොස් විදේශ බලවේගවලට මුහුණ දිය හැකි දෙසීය විසිපස් දෙනකු පාර්ලිමේන්තුවට තෝරා යැවීමේ අයිතිය ජනතාවට ලබාදිය යුතුව ඇතැයි රංගන ශිල්පී පාලිත සිල්වා මහතා පැවැසීය. මෙම සාකච්ඡාවට එක් වූ ප්‍රවීණ රංගන ශිල්පිනි වසන්ති චතුරානි මහත්මියද ඉල්ලා සිටියේ වර්තමාන දේශපාලන අර්බුදයට ඇති එකම විසඳුම මහ මැතිවරණයක් බවයි.

තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමට හැකි වුණේ විධායක ජනාධිපති ධුරය තිබූ නිසා යැයිද මේ මොහොතේ දේශපාලන අර්බුදය ජනතා පරමාධිපත්‍ය රකිමින් තීරණය කිරීමට ඉඩදීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී බවයි.
මේ මොහොතේ මහ මැතිවරණයක් ඉල්ලන්නට තමන් මේ රටට ආවේ පටු වාසි වෙනුවෙන් නොව මුළු මහත් ජාතියක් වෙනුවෙන් යැයිද ඇය කියා සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon