බන්ධනාගාර තුළ තහනම් භාණ්ඩ තොගයක් හදිසි සෝදිසියකදී සොයා ගැනේ

  👤  2115 readers have read this article !
By mawbima 2018-12-07

කුමුදු උපුල් ශාන්ත

ඉකුත් ඔක්තෝබර් හා නොවැම්බර් යන මාස දෙක තුළදී බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදු කළ හදිසි සෝදිසි කිරීම්වලදී බන්ධනාගාර සිර මැදිරි තුළ තිබී ජංගම දුරකථන, සිම් කාඩ්, බැටරි, චාජර්, මත්කුඩු ඇතුළු තහනම් භාණ්ඩ 443ක් සොයාගෙන තිබේ.

එකී තහනම් භාණ්ඩ අතර ජංගම දුරකථන 115ක්, සිම් කාඩ් 127ක්, දුරකථන බැටරි 58ක්, චාජර් 27ක් හා මත්කුඩු පැකට් 116ක් තිබූ බවද බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙතරම් විශාල තහනම් භාණ්ඩ සංඛ්‍යාවක් මාස දෙකක් වැනි කාලයක් තුළ සොයාගත් පළමු අවස්ථාව මෙය බවද අනාවරණය වෙයි.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් රාත්‍රි කාලයේ ඉතා රහසිගතව සිරකරුවන් හා සැකකරුවන් රඳවා සිටින සිරමැදිරි වෙත ඇතුළු වී සිදු කළ හදිසි සෝදිසි කිරීම්වලදී එකී තහනම් භාණ්ඩ සොයාගෙන ඇති බවද වාර්තා වෙයි.

බන්ධනාගාර ප්‍රකාශකයකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ වැලිකඩ බන්ධනාගාර ආයතන තුන හා කළුතර, බෝගම්බර, මහර ඇතුළු බන්ධනාගාර පහළොවක් තුළ සිදු කළ සෝදිසි කිරීම්වලදී එකී තහනම් භාණ්ඩ සොයාගත් බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon