නඩුකාරවරුන්ගේ ගෙවල්වලට ගල් ගැසූ යුගයක් තිබුණා

  👤  2113 readers have read this article !
By mawbima 2018-12-07

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කතා කරන එක්සත් ජාතික පක්ෂයේ ඔවුන් රට පාලනය කළ අවස්ථාවලදී අධිකරණ විනිසුරුවන්ගේ නිල නිවාසවලට පාතාලයේ මැරයන් ලවා ගල් ගැසූ යුගයක්ද තිබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

පසුගිය ආණ්ඩුව කාලයේදී නීතිපතිවරයා අරලිගහ මන්දිරයට කැඳවා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා යම් යම් උපදෙස් ලබාදෙමින් නීතිපති දෙපාර්තමේන්තුවට දැඩිව දේශපාලන බලපෑම් සිදු කළ බවද සොයිසා මහතා පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා පසුගිය ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන අංශවලට දැඩි ලෙස බලපෑම් සිදුකිරීම රහසක් නොවන බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව බලයේ සිටියදී වර්තමාන දේශපාලන අර්බුදය ඇතිවූවා නම් නීතිය ක්‍රියාත්මක කරනු ලබන අංශවලට ඔවුන් සිදුකරනු ලබන බලපෑම සිතාගත නොහැකි බවද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon