පවතින අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක ජල මට්ටම ඉහළට

  👤  2083 readers have read this article !
By mawbima 2018-12-07

ඉෂාරා සිල්වා

පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි අධිකාරිය මඟින් පාලනය කෙරෙන ජලාශ බොහෝමයක ජල ධාරිතාව සියයට 80 ඉක්මවා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව මේ වන විට සියයට 99.8ක මට්ටමේ පවතින අතර රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 95.1ක මට්ටමේ පවතී.

පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම සියයට 92 දක්වා ඉහළ ගොස් ඇති අතර උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට 96.2ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සියයට 75 ඉක්මවා ගොස් ඇති අතර කණ්ඩලම, රාජාංගණය, නාච්චදූව, තිසාවැව, හුරුළු වැවේ ජල මට්ටම සියයට 90ක්ද දඹුලු ඔය, කලාවැව, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, ගිරිතලේ සහ මාදුරු ඔය යන ජලාශවල ජල මට්ටම්ද ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වාභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon