එක්සත් ජනතා පෙරමුණට දෙමළ සන්ධානය සහාය දීම වරදක්-හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්

  👤  2092 readers have read this article !
By mawbima 2018-12-07

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජනතා පෙරමුණට සහාය පළ කිරීමට කොන්දේසි විරහිතව ඉදිරිපත්වීම ඉතා තදබල වරදක් බව හිටපු මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.
යාපනයේ පිහිටි මාධ්‍ය සංගම් ශාලාවේදී මාධ්‍යයට අදහස් දැක්වූ ශිවාජිලිංගම් මහතා කියා සිටියේ තමන් ටෙලෝ සංවිධනයේ සභාපතිවරයා වශයෙන් දෙමළ ජාතික සන්ධානය ගන්නා ලද එම තීරණය අනුමත නොකරන බවයි.

සිංහල බෞද්ධ සම්භවයක් ඇති දකුණේ දේශපාලන පක්ෂ කිසි දිනක දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි ඇල්මක් නොදක්වන බවත් ඔවුන් ඔවුන්ගේ වාසිය සඳහා පමණක් කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානය විසින් අවබෝධ කරගත යුතුව ඇතැයිද ශිවාජිලිංගම් මන්ත්‍රිවරයා කීය. මේ නිසා එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වීමට පෙර යම් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමටත් ඒවා සඳහා ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීමත් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විසින් කළ යුතුව තිබුණු බවද ඔහු කියා සිටී.

ටෙලෝ සංවිධානය වෙනුවෙන් ඒ අවස්ථාවේදී සෙල්වම් අඩෛකලනාදන් මහතා සිටි නමුත් ඔහුට හෝ යථර්ථය වැටහී නොමැති බව කියන ශිවාජිලිංගම් මහතා ඔහු හෝ ටෙලෝ සංවිධානයේ සෙසු පිරිසගෙන් මේ පිළිබඳ විමසා කටයුතු කළේ නම් යම් අදහසක් දීමට අවස්ථාව තිබූ බවද සඳහන් කළේය. දැන් කෙසේ හෝ එම තීරණයට පැමිණ ඇති නිසා පියවරෙන් පියවර සිදුවන දේ දෙස බලා දෙමළ ජාතික සන්ධානය තීරණය ගත යුතුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහාය ලබා දුන්නද පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නොහැකි වන බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රිවරයා එය එසේ වීමට නම් මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයෙන් හෝ ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් පැමිණ සහාය ලබාදිය යුතුව ඇති බවද කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon