ජාතික දැල්පන්දු ශූරතා තරගාවලිය අවසන් තරගයේදී හැටන් නැෂනල් පිලට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හමුවෙයි

  👤  2071 readers have read this article !
By mawbima 2018-12-07

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හැටන් නැෂනල් බැංකු හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් සමත්ව සිටී.

ඒ අනුව බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාපිටියේදී පැවැති මෙම දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සෙලාන් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් තේරී පත්ව තිබිණි.

එහිදී ඊයේ පැවැති සෙලාන් බැංකු කණ්ඩායම හා හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර තරගයේදී ලකුණු 59-45ක ජයක් ලැබූ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනිද්දී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම ලකුණු 50-37ක් ලෙස පරාජයට පත්කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හෙට (08දා) වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

කෙසේ වෙතත් ඊයේ පැවැති යුද හමුදා හා ගුවන් හමුදා තරගයේදී යුද හමුදා කණ්ඩායමට පාසල් වයසේ ක්‍රීඩිකාවන් කිහිප දෙනකු ක්‍රීඩා කළ බව පෙන්වා දෙමින්
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම යුද හමුදා කණ්ඩායමට එරෙහිව විරෝධතාවක් ගොනුකර තිබීම කැපී පෙනුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon