සමපෝෂ 14න් පහළ පාසල් පාපන්දු තරගාවලියට පාසල් 650කින් ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 12,000ක්

  👤  2059 readers have read this article !
By mawbima 2018-12-07

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කරනු ලබන 'සමපෝෂ' අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතා තරගාවලියේ මූලික වටයේ තරග හෙට (8දා) ආරම්භවීමට නියමිතය.

සිලෝන් බිස්කට්ස් සමාගමේ සමපෝෂ 10 වැනි වරටත් අනුග්‍රාහකත්වය සපයන මෙම තරගාවලිය සඳහා බාලක කණ්ඩායම් 500ක්, බාලිකා කණ්ඩායම් 150ක් නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 12,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවීමට නියමිතව ඇති බව මෙයට අදාළව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ස්ථාන 32කදී මූලික වටයේ තරග පැවැත්වෙන අතර අවසන් වටයේ තරග ජනවාරි මාසයේදී කොළඹදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

එහිදී හොඳම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට මෙන්ම හොඳම ගෝල රකින්නාටද ත්‍යාග පිරිනැමෙන බවත් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් විය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනයේ සභාපති හේමන්ත අබේකෝන්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර්, ප්ලෙන්ටි ෆුඩ්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ශම්මි කරුණාරත්න, එම සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ) ජයංග පෙරේරා යන මහත්වරුද එක්ව සිටියහ.

ඡායාරූපය - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon