ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියට යසීර් ෂාගෙන් නව වාර්තාවක්

  👤  2094 readers have read this article !
By mawbima 2018-12-07

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පාකිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 200ක් දවා ගත් ක්‍රීඩකයා වශයෙන් වාර්තා අතරට එක් වූ අතර එහිදී ඔහු බිඳ දැමුවේ වසර 82ක් පැරණි වාර්තාවක් වීම කැපී පෙනුණි.

ඒ අනුව 1936 වර්ෂයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කිලැරී ග්ලිමෙට් ටෙස්ට් තරග 36කදී කඩුලු 200ක් ලබාගෙන පිහිටුවා තිබූ වාර්තාව යසීර් ෂා ටෙස්ට් ක්‍රිකට් තරග 33ක් පමණක් ක්‍රීඩා කරමින් බිඳ හෙළීම කැපීපෙනෙන සිදුවීමකි.

තවද ටෙස්ට් ක්‍රිකට් තරග 17කින් කඩුලු 100 සීමාවට ළඟා වූ යසීර් ෂා අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී එම සීමාවට ළඟා වූ පන්දු යවන්නන්ගේ සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. එමෙන්ම අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් (ටෙස්ට් තරග 9කින්) කඩුලු 50 සීමාවට ළඟා වූ පාකිස්තාන පන්දු යවන්නා වශයෙන් ද යසීර් ෂා මින් පෙර වාර්තා අතරට එක්වී තිබිණි.

කෙසේ වෙතත් ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නකු වූ මුත්තයියා මුරලිදරන්ට කඩුලු 200 සීමාවට ළඟා වීමට ටෙස්ට් තරග 42ක් වැය වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon