19යේ දුර්වලතා ඇත්නම් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ග ගන්නවා

  👤  2066 readers have read this article !
By mawbima 2018-12-07

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් එම කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදුකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැප වී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08දා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එතුමාගේ මූලිකත්වයෙන් සහ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කර ගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා වන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon