පෙත්සම් විභාගය අදට කල් යයි: අතුරු තහනම හෙටට කල් යයි

  👤  2080 readers have read this article !
By mawbima 2018-12-07

කමල් මහේන්ද්‍ර වීරරත්න

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද පියවරට එරෙහිව එජාප, ජවිපෙ, ටී.එන්.ඒ., ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, සමස්ත ලංකා මුස්ලිම් පෙරමුණ හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු 12 දෙනකු විසින් ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය ඊයේ (6දා) නිමවීමට නියමිතව තිබුණද තවදුරටත් මැදිහත්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම සඳහා අද (7දා) දින දක්වා කල්තබනු ලැබීය.

සප්ත පුද්ගල විශේෂ පූර්ණ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ මෙම පෙත්සම් සහ ඊට එරෙහිව ගොනුවූ මැදිහත්කාර පෙත්සමද විභාග කිරීම ඉකුත් 4දා ආරම්භ වූ අතර පෙරේදා (5දා) හා ඊයේ (6දා) පෙත්සම් විභාගය සිදුවිය.

පෙත්සම් විභාගය දිනකින් කල් යෑමත් සමඟ අද (7දා) දින දක්වා බලාත්මක වන පරිදි නිකුත් කරනු ලැබ තිබූ වාරණ නියෝගයද තවත් දිනකින් එනම් හෙට (8දා) දක්වා දීර්ඝ කරනු ලැබීය.

අගවිනිසුරු එච්.එන්.ජේ. පෙරේරා විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘෘ, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ යන මහත්වරුන් හා එන්.බී. මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන්ද සැදුම්ලත් සත් පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

ඊයේ දිනයේදී ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, ගාමිණී මාරපන, එම්.යූ.එච්. අලි සබ්රි, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජේ‍යෂ්ඨ නීතිඥවරුන් වන නවීන් මාරපන, කනිෂ්ක විතාරණ, ගනේෂ් ධර්මවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් මැදිහත්කාර පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් මෙම පෙත්සම් අධිකරණය නොමඟ යවමින් තම පටු හා පවිටු අරමුණු ඉටු කර ගැනීම සඳහා නීතියට පටහැනිව ඉදිරිපත් කොට ඇති බවට ඉදිරිපත් කරනු ලැබූ කරුණු පිළිගෙන පෙත්සම් තවදුරටත් විභාග නොකොට නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියහ.

පෙත්සම් විභාගය අද (7දා) පෙරවරු 10ට යළි ආරම්භ වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon