රුපියල යළි වැටෙයි

  👤  2098 readers have read this article !
By mawbima 2018-12-07

දෙනගම ධම්මික රණවීර


පසුගිය දෙසැම්බර් 03 වැනිදා ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල් 180.90 දක්වා...අධිප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, ඊයේ (06දා) යළිත් රුපියල් 181.02 දක්වා අවප්‍රමාණ වූයේය.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල් 173ක් වූ රුපියලේ වටිනාකම පසුගිය නොවැම්බර් 28 වැනිදා වනවිට රුපියල් 182ක අවම අගයක් පෙන්නුම් කළේය.

එහෙත් දින 08ක පමණ කාලයක් තිස්සේ එම වටිනාකම ඉක්මවා රුපියල අවප්‍රමාණ වීම නතර වී ඇති බවක්ද මහ බැංකු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වෙයි.

ඩොලරයෙහි ඊයේ ගැනුම් මිල ලෙස වාර්තා වූයේ රුපියල් 177.09කි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon