මැතිසබේ දැන් වෙන දේවල් සොයන්න කොමිසමක් පත් කරනවා -මහින්ද යාපා

  👤  2070 readers have read this article !
By mawbima 2018-12-07

ඉෂාරා සිල්වා

පාර්ලිමේන්තුව තුළ මේ දිනවල සිදුවන සම්ප්‍රදාය විරෝධී කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තම පාලනයක් යටතේ කොමිසමක් පත් කරන බව...එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

පවතින තත්ත්වය සමනය වීමෙන් පසුව ස්ථිර ආණ්ඩුවක් බිහි වූ දිනයක, පාර්ලිමේන්තුව තුළ මෙතෙක් ගත් අවිචාරශීලී ක්‍රියාවලියට කථානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, ප්‍රධාන වේත්‍රධාරියා ඇතුළු මේවාට සම්බන්ධ සියලු නිලධාරීන්ට වගකීමට සිදුවන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

මෙතෙක් කාලයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු රටක සිදුනොවුණු අයුරින් ප්‍රජාතන්ත්‍ර විරෝධී, ස්ථාවර නියෝගවලට පටහැනි රැස්වීම් කිහිපයක් මේ වනවිට පවත්වා ඇති බවත් එජාප නායකත්වය රටේ ආර්ථිකය මෙන්ම රටේ ස්වාධිපත්‍ය පාවා දෙන වැඩසටහනක නියැළී සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ (06දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon