රනිල්ට අගමැතිකම නොදුන්නොත් කිසිදු පනතක් සම්මත කරගන්න ඉඩ දෙන්නේ නෑ

  👤  2142 readers have read this article !
By mawbima 2018-12-07

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී කිසිදු පනතක් සම්මත කර ගැනීමට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පුද්ගලයාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදිය යුතු බවත් නැතහොත් මේ රට ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව මඟින් ඉඩ ලබා නොදෙන බවත් කිරිඇල්ල මහතා කියයි.
එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ ඇති බහුතරය තවදුරටත් වැඩිකර ගැනීම සඳහා සාකච්ඡා කිහිපයක් මේ වනවිට සිදුකරමින් පවතින බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමක ඇති බවත් කිරිඇල්ල මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon