පැනිල්ලට පේන බැලිල්ලක් යළිත්

  👤  2568 readers have read this article !
By mawbima 2018-12-18

ආරියරත්න ගනේගොඩ

නැවතත් දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සිදු විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය එජනිස ආණ්ඩුවේ සේවය කළ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු එජාපයට එක්වීමට සූදානම් වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එජාපයට එක්වූ ශ්‍රී ලනිපයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු නැවතත් එජනිසයට එක්වීමට සූදානමින් සිටින බව 'මව්බිම'ට වාර්තා වේ.

එජනිස හා එජාපය දෙපක්ෂයම තම තමන්ගේ මන්ත්‍රි කණ්ඩායම්වල සංඛ්‍යාව වැඩිකර ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව එජාපයට යෑමට නියමිත බව කියන එජනිස මන්ත්‍රින් නියෝජනය කරන්නේ අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කුරුණෑගල දිස්ත්‍රික්කවල සහ ජාතික ලැයිස්තුවේ අයෙකි.

එජාපයෙන් එජනිසයට පැමිණීමට නියමිත යැයි කියන මන්ත්‍රි දෙදෙනාගෙන් එක් අයෙක් ගාලු දිස්ත්‍රික්කයේ වන අතර අනෙක් තැනැත්තා ජාතික ලැයිස්තුවෙන් නියෝජනය කරන බව සඳහන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon