වෙළඳ සේවා සී කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් හෙට සිට

  👤  2523 readers have read this article !
By mawbima 2019-01-11

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 'බී.එම්.ඩබ්ලිව් - හයිඋන්ඩායි' කුසලාන 'සී' කොටසේ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය මේ මස 12 වැනිදා (හෙට) ආරම්භ වීමට නියමිත අතර අඛණ්ඩව 8 වැනි වරටත් මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් සමාගම විසිනි.

ඒ අනුව කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිත මෙවර තරගාවලියේ මූලික වටයේ තරග ජනවාරි 12 වැනිදා සිට පෙබරවාරි 24 වැනිදා දක්වා පැවැත්වේ. මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 බැගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී. අර්ධ අවසන් පූර්ව වටයේ තරග මාර්තු 2 සහ 3 යන දෙදින පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග මාර්තු 9 වැනිදාත් අවසන් මහා තරගය මාර්තු 16 වැනිදාත් පැවැත්වේ.

තවද තරගාවලියේ දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා සහ අවසන් තරගයේ වීරයා ලෙසින් විශේෂිත සම්මාන පිරිනැමේ. පසුගියදා කොළඹදී පැවැති නිල අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කිරීමේ හා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට වෙළඳ සේවා ක්‍රිකට් සංගමය වෙනුවෙන් එහි සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ, ලේකම් මහේෂ් ද අල්විස්, අනුග්‍රාහක කමිටු ලේකම් රොහාන් සෝමවංශ සහ තරගාවලි කමිටු සභාපති සුජීව ද සිල්වා යන මහත්වරුන් සහභාගි වූ අතර ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් වෙනුවෙන් එහි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ එච්.ඒ.රූටර්, අධ්‍යක්ෂ ජූලියන් රූටර්, මානව සම්පත් අධ්‍යක්ෂ වියොලා කරුණාරත්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ඡායාරූපය _ අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon