ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ තෙදින තරගය ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 269කට සීමා වෙයි

  👤  2529 readers have read this article !
By mawbima 2019-01-11

සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තුන්දින තරගයේ පළමු දිනය වූ ඊයේ (10දා) දිනය නිමා වන ඕස්ට්‍රේලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 269ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කිසිවකු නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 83යි පන්දු 3ක් තුළ කඩුලු 9කට ලකුණු 269ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. ඕස්ට්‍රේලියානු යොවුන් පිලේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 22කට සීමා කිරීමට රුවින් පීරිස් සමත් වුවද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සම්බන්ධතාවක් ගොඩනැඟීමට කොරේ හන්ටර් සහ කීගන් ඕට්ස් සමත් වීම කැපී පෙනිණි.

එහිදී කොරේ හන්ටර් ලකුණු 71ක්, නායක බැක්ස්ටර් හෝල්ට් ලකුණු 60ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ රොහාන් සංජය ලකුණු 94කට කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙනිණි. තවද රුවින් පීරිස් කඩුලු 2ක්ද, සඳුන් මෙන්ඩිස් සහ විජයකාන්ත් වියස්කාන්ත් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ඊයේ තරගය නතර කරන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කමිල් මිෂාර ලකුණු 15ක් සහ තවීෂ කහඳුවආරච්චි ලකුණු 1ක් ලබා සිටියේය.

ලකුණු සාරාංශය

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම -
(පන්දුවාර 83.2කදී කඩුලු 9කට) ලකුණු 269 (කොරේ හන්ටර් 71, බැක්ස්ටර් හෝල්ට් 60, ජෙරොඩ් ෆී්‍රමන් 36, රොහාන් සංජය 94/5, රුවින් පීරිස් 40/2)

ශ්‍රී ලංකාව පළමු ඉනිම -
(පන්දුවාර 5කදී කිසිවකු නොදැවී) ලකුණු 20
(කමිල් මිෂාර නොදැවී 15)
ඡායාරූපය _
කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon