යතුරුපැදි අනතුරකින් ඔත්පළ වූ ප්‍රියාදරීට උදවු ඕනෑ

  👤  2593 readers have read this article !
By mawbima 2019-01-11

බළන්ගොඩ - පියසේන එන්. හේවගේ

පිළියන්දල පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී නොහික්මුණු රියැදුරකු නිසා අනතුරට පත් වූ තරුණ විවාහක කාන්තාවක් එදා සිට මාස 03ක් පමණ කාලයක් දැඩි සේ රෝගීව පසුවීම නිසා ඇයගේ සොහොයුරියන් දෙදෙනා සහ වයෝවෘද්ධ පියා අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති.

බළන්ගොඩ පෞද්ගලික ආයතනයක රැකියාව කරමින් සිටි ජේ.ඒ.ඩී. රංගා ප්‍රියාදරී (34) විවාහ වී ගත වූයේ වසර දෙකකට අඩු කාලයකි. ඇයගේ සැමියා සමඟ යතුරුපැදියක යමින් සිටියදී මෙම අනතුරට ලක්වූ අතර මැයගේ සැමියාද එදායින් පසු උකුල් ඇටයට හානි වී ඔත්පළව සිටී.

අනතුරට පත් තරුණියට අවශ්‍ය බෙහෙත් හා ප්‍රතිකාර සඳහා මසකට විශාල මුදලක් වැය වන බව ඇයට සාත්තු සප්පායම් කරන සොයුරිය පවසයි. ඇයටද ස්ථාවර ආදායම් මාර්ගයක් නොමැති හෙයින් ගැටලු රාශියකට මුහුණ පා සිටී.

මේ පිළිබඳව යම් උපකාරයක් කළ හැකි අයෙක් හෝ ආයතනයක් වෙතොත් අදාළ පරිත්‍යාග බළන්ගොඩ සම්පත් බැංකුවේ අංක 109754680274 යන ගිණුමට යොමු කළ හැකිය. වැඩි විස්තර අවශ්‍ය වෙතොත් අංක 0779878432 වෙතින් ලබා ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon