විසිවසරකට පෙර බොරලැස්ගමුවේදී සය දෙනකු මැරූ දෙදෙනාට මරණ දඬුවම

  👤  2642 readers have read this article !
By mawbima 2019-01-11

කේ.එස්. උදයකුමාර්

1999 වසරේදී පාතාල කල්ලි දෙකක් අතර කලක් තිස්සේ පැවැති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයන් 6 දෙනකු වෙඩි තබා මරා දැමීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට වැරැදිකරුවන් කළ පුද්ගලයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (10දා) මරණීය දණ්ඩනය නියම කරන ලදී.

මෙම නඩුවෙන් චෝදනා ලබා සිටි එම්.ජී. ප්‍රසන්න පෙරේරා සහ සම්පත් ප්‍රනාන්දු යන විත්තිකරුවන් දෙදෙනාට මෙසේ මරණීය දණ්ඩනය නියම විය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබූ ගමගේ චන්දන කුමාර සහ කරුණාදාස මහදුරගේ අජිත් යන විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් ඔවුන් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා තීන්දු කළේය.

1999 වසරේ වාහනයක් තුළ පුද්ගලයන් 6 දෙනකු වෙඩි තබා මරා දැමීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි නිගමනය කළේය. ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කළේය.

පාතාල කල්ලි දෙකක් අතර කලක් තිස්සේ පැවැති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධය සිදුව ඇති අතර මෙම අපරාධය පිළිබඳව ඇසින් දුටු සාක්ෂි නොමැතිව පර්වේශනීය සාක්ෂි මඟින් මෙම නඩුවේ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල පියවර ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon