එජාපයේ ජනපති අපේක්ෂක වීමට මමත් සූදානම්

  👤  2790 readers have read this article !
By mawbima 2019-01-11

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට එකඟතාවකට පැමිණීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් පැනනැඟුණොත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීමට තමන් සූදානම් බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

ජනාධිපති අපේක්ෂකයකු වීම සඳහා තමන් සියලු සුදුසුකම් සපුරා තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පාක්ෂිකයන් අනිවාර්යයෙන්ම තමන්ට සහයෝගය පළ කරන බව දැඩි විශ්වාසයක් තමාට පවතින බවද රංගේ බණ්ඩාර මහතා කියයි.

තමා කිසිදු ආකාරයකින් වංචා දූෂණවලට සම්බන්ධ වී නොමැති බවද ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අර්ජුන මහේන්ද්‍රන්ට හෝ අර්ජුන් ඇලෝසියන්ට තමා කිසිදු දුරකථන ඇමැතිමක් ලබානොදුන් බවත් තමන්ටද ඔවුන්ගෙන් කිසිදු දුරකථන ඇමැතුමක් නොලැබුණු බවත් මෙන්ඩිස් මත්පැන් සමාගමෙන් තමන්ට චෙක්පත් නොලැබුණු බවත් ඇවන්ගාඩ් සමාගම සමඟද තමාගේ කිසිදු ගනුදෙනුවක් සිදු වී නොමැති බවත් පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ මේ නිසා තමන්ට ඕනෑම අවස්ථාවක ජනාධිපති අපේක්ෂක වශයෙන් රටේ
පොදු මහජනතාවගේ ඉදිරියට යා හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon