නව විදුලි බල ව්‍යාපෘති ගැන ඇමැති අවධානය යොමුවෙයි

  👤  2554 readers have read this article !
By mawbima 2019-01-11

හර්ෂනී අර්සකුලරත්න

පියසි මත සවි කළ සූර්යබල පද්ධති හැරුණු කොට 2015 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට යම් විදුලි ධාරිතාවක් එක්කිරීමට සමත් කිසිදු විදුලි ව්‍යාපෘතියක් ස්ථාපිත නොවී ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි.

ඒ නිසා මෙතෙක් වැඩ අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට ඒවා එක් කිරීමට නොහැකි වීමට බලපෑ හේතු පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එසේම ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වන විට වැඩ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතීන්හි වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද ඇමැතිවරයා සිය විශේෂ අවධානය යොමු කර ඇත.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කර ගැනීමට නම්, විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි යොමු විය යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ආරම්භ කර ඇති ව්‍යාපෘතීන්හි වර්තමාන තත්ත්වය පිළිබඳ ඊට අදාළ නිලධාරීන් හමුවී අමාත්‍යාංශ පරිශ්‍රයේදී කරුණු විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon