වර්තමානයේ ලබාගෙන ඇති ශීඝ්‍ර වර්ධනයට උරදුන් සැමට මාගේ සුබපැතුම්

  👤  2543 readers have read this article !
By mawbima 2019-01-11

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

වසර 39ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කොළඹ වරාය 2018 වසර තුළ බහලුම් ගොඩබෑමේදී මිලියන 7ක් වන වාර්තාගත වර්ධනය ලබාගැනීම සඳහා උරදුන් සියලු දෙනා වෙත සුබ පතන බව වරාය හා නාවික කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

වසර 39ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කොළඹ වරාය 2018 වසර තුළ බහලුම් ගොඩබෑමේදී මිලියන 7ක් වන වාර්තාගත වර්ධනය ලබා ගැනීම සඳහා උරදුන් සියලු දෙනා වෙත පළමුව මාගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමි.

2016 මැයි මාසයේදී මා වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස වැඩ භාරගන්නා විට කොළඹ වරායේ වර්ධන වේගය ධන 6.4%ක් වුවත් වරාය අධිකාරිය සතු ජය බහලුම් පර්යන්තය ලබාගෙන තිබුණේ ඍණ 6.4%ක වර්ධන වේගයකි.

කෙසේ නමුත් අපගේ මැදිහත්වීම යටතේ කොළඹ වරාය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ 'තුන් අවුරුදු සැලැස්මත්' 2017 වසරේදී බ්ඛ්ඊ,ඛ්ධ්ඛ්ඊ,ඉඒට්ඊ යන පර්යන්ත ත්‍රිත්වය එක්ව උපාය මාර්ගික පර්යන්ත ව්‍යාපාර ප්‍රවර්ධනයන් (ර්චපඬඥබඪදඨ ඉබපචබඥඨඪඥඵ) සඳහා අස්සන් කෙරුණ අවබෝධතා ගිවිසුමෙන් විශාල දායකත්වයක් සැපයීය. එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේදී කොළඹ වරාය සමස්ත බහලුම්වල ධන වර්ධන වේගයක් පෙන්නුම් කළ අතර එතෙක් ඍණ වර්ධන වේගයක් පෙන්නුම් කළ ජය බහලුම් පර්යන්තය 2017 පළමු කාර්තුව අවසානයේදී 24% ධන වර්ධන වේගයක්ද සමස්ත වරාය අධිකාරිය 16.4% ධන වර්ධන වේගයක්ද පෙන්නුම් කළේය.

කොළඹ වරායේ මෙම වර්ධනය බහලුම් මෙහෙයුම් මත සැසඳීමේදී 1995 දී පළමු මිලියනය සම්පූර්ණ කරගත්තේය. අනතුරුව ඉන් වසර 9කට පසුව එනම් 2004දී දෙවැනි මිලියනයද 2006දී තුන් වැනි මිලියනයද 2010දී හතර වැනි මිලියනයද 2015 පස්වැනි මිලියනයද 2017 දී හය වැනි මිලියනයද සම්පූර්ණ කරගත හැකි වූ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ පළමු වරට වසරක් තුළ බහලුම් මිලියනයක් මෙහෙයවීමේ ජයග්‍රාහී ඉලක්කය සපුරාගැනීමට හැකි වූයේ 2018 වසර තුළදීය. මෙම වර්ෂය අවසානයේදී ප්‍රතිනැව්ගත බහලු (ඊපචදඵඩඪනථඥදබ) ධාරිතාව 19.3%කින් ඉහළ දැමීමට කොළඹ වරායට හැකිවී තිබේ.

ඒ අනුව මේ වන විට මිලියන 7ක ඉලක්කය සපුරාගැනීමට හැකි වීම අපගේ කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කළ වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ කඩිනම් ජාතික හා ජාත්‍යන්තර වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් බව මෙමඟින් පෙන්වා දීමට කැමැත්තෙමි.

එසේම මාස 19ක කාලය තුළදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම වෘත්තීය සමිති ක්‍රියාධරයෙන් අප වෙත ලබා දුන් විශිෂ්ට සහයෝගය හේතු කරගෙන වරාය පරිශ්‍රය තුළ කාර්මික සාමය ආරක්ෂා කර ගැනීම සඳහා මහඟු පිටිවහලක් ලබාදීමද මෙම ජයග්‍රහණය සඳහා හේතු විය.

එසේම වර්තමාන වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාට මාගේ සුබපැතුම් එක් කරන අතර වරාය අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා වූ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග සියල්ල සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර සිටිමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon