ශ්‍රී ලනිපය ජය මාවතට ගෙන එන අභියෝගය භාර ගන්නවා

  👤  2518 readers have read this article !
By mawbima 2019-01-11

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් තනතුරට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10දා) නිල වශයෙන් වැඩ භාර ගත්තේය.

ශ්‍රී ලනිප සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ භාර ගැනීමේ උත්සවය සංවිධානය කර තිබූ අතර එජනිස මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. මීට අමතරව හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද එක්ව සිටියේය.

මහ සංඝරත්නයේ හා අන්‍යාගමික නායකයන්ගේ ආශීර්වාද මැද නිල වශයෙන් වැඩ භාරගත් පසු අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ සියලු දෙනා එකට එකතු කර පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ අභියෝගය තමා භාර ගන්නා බවයි. පැය විසිහතර පුරා වැඩ කරමින් ගම් මට්ටමින්, ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් පක්ෂය ශක්තිමත් කර අලුත් තරුණ තරුණියන්ටද නායකත්වයේ ඉඩකඩ සලසා දෙමින් පක්ෂය ඒකරාශී කරන බවද කියා සිටියේය.


මෙම පක්ෂය බෙදා විනාශ කිරීමට නොව එකට එකතු කර ආරක්ෂා කිරීමට සියලු පියවර ගන්නා බවද නව මහ ලේකම්වරයා පැවැසීය.


ජරාජීර්ණව ඇති දේශපාලනය වෙනුවට අලුත් මතවාදයන් සමඟ ශ්‍රී ලනිපයේ මධ්‍යම ප්‍රතිපදාව රකිමින් ඉදිරි කටයුතු සිදුකරන බවද එහිදී තවදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon