දුම්වැටි විරෝධී පාසල් සතියට සහය දැක්වීමට ගුරුවරයෙක් පාපැදියකින් රටපුරා යයි

  👤  923 readers have read this article !
By mawbima 2019-01-11

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

දුම්වැටි විරෝධී පාසල් සතිය වෙනුවෙන් දුම්වැටිය හා දුම්පානය පාසල් තුළින් තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සහාය දක්වමින් මිහින්තලය ප්‍රදේශයේ පිහිටි රජයේ විදුහලක උප ගුරුවරයකු පාපැදියක නැඟී ශ්‍රී ලංකාව පුරා පිහිටි ගම්දනව් සිසාරා ගොස් එම වැඩසටහනට සහය දැක්වීමට සූදානම් වෙමින් සිටී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන මිහින්තලය ඉහළගම පිහිටි නෑටියගම විද්‍යාලයේ උප ගුරුවරයකු වන ටී.ඒ.එම්.බී. තිලකරත්න මහතා රේසින් වර්ගයේ පාපැදියක් පදවමින් ශ්‍රී ලංකාව පුරා පාපැදියේ ගමන් කරමින් පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමට අදහස් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මේ වසරේ දුම්වැටි විරෝධී පාසල් සතිය ක්‍රියාත්මක වීමට නියමිත අතර ඊට අවැසි සහාය ලබාදීමට ඒ මහතා ස්වේච්ඡාවෙන් දායකත්වය දැක්වීමට සූදානම් වී සිටී.

මේ වසරේ පාසල් ආරම්භ වීමත් සමඟම එම උදාර පණිවුඩය රැගෙන ශ්‍රී ලංකාව පුරා පාපැදිය පදවමින් වැඩිහිටි ගුරුවරයකු ලෙස සිදුකිරීමට නියමිත කාර්යය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ඒ මහතා ජනාධිපතිතුමන්ගෙන් මෙන්ම ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක්ද කරයි. මෙම වැඩසටහන සඳහා තමන් සිය දායකත්වය දැක්වීමට සූදානමින් සිටින බව දන්වමින් ඒ මහතා ජනාධිපතිතුමන් දැනුවත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon