පෙට්රල් - ඩීසල් මිල යළි අඩුවෙයි

  👤  925 readers have read this article !
By mawbima 2019-01-11

චාමර අමරසූරිය

පෙට්රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට රජය කටයුතු කර තිබේ.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92, ඔක්ටේන් 95, පෙට්රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින්ද අඩු කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 123ක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 147ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 99ක්ද, සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118ක්ද වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon