යාපනයේ පේදුරුතුඩුව මුහුදු වෙරළේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 114ක් නාවික හමුදා අත්අඩංගුවට

  👤  919 readers have read this article !
By mawbima 2019-01-11

ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය පේදුරුතුඩුව මුහුදු වෙරළේ සඟවා තිබූ කේරළ ගංගා කිලෝ 114ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් පේදුරුතුඩුව මුහුදු තීරයට ගෙන ඒමෙන් පසුව මෙරට ජාවාරම්කරුවන් විසින් අදාළ කේරළ ගංජා තොගය සඟවන්නට ඇති බවටත් අදාළ කේරළ ගංජා තොගය රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා බවටත් නාවික හමුදාව කියයි.

උතුරු නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ කේරළ ගංජා තොගය ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබියදී මෙසේ සොයාගෙන ඇත. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ කිලෝ දෙකක ප්‍රමාණයෙන් යුත් ගංජා පැකට් 57ක් තිබී ඇති අතර නාවික හමුදාව වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් ඇත.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙත භාරදෙනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon