හැරිසන්ට කිරි මදිවෙයි

  👤  2436 readers have read this article !
By mawbima 2019-01-15

නුවන් හෙට්ටිආරච්චි

මිල්කෝ සමාගමේ දෛනික කිරි
නිෂ්පාදන ලීටර් ලක්‍ෂ 3 1/2 දක්වා වැඩි කරන ලෙස මිල්කෝ සමාගමේ විධායක නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේදී මිල්කෝ සමාගමේ නිලධාරීන්ගේ හමුවකදී ඇමැතිවරයා මේ බව පැවැසීය. පසුගිය වර්ෂයේ සිට මේ දක්වා දෛනික එක් රැස් කළ කිරි ලීටර් එක්ලක්‍ෂ හැත්තෑ දහසට සීමා වී ඇත්තේ කුමන හේතුවකින්ද යන්න ගැටලුවක් බවත් කඩිනමින් කිරි එකතු කරන මධ්‍යස්ථාන හරහා කිරි එකතු කිරීම වැඩි කරන ලෙසත් ඇමතිවරයා ඉල්ලා සිටියේය. තවත් මීට පෙර කිරි ලීටරයක මිල රුපියල් 50 සිට 70 දක්වා අවස්ථා දෙකකදී වැඩි කළ බවත් ඉදිරියේදී කිරි ගොවීන් පුහුණු කිරීමටද වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කරන බවත් පැවැසීය.

එසේම පුල්මුඩේ, එප්පාවල, වැලිඔය හා රඹෑව ඇතුළුව ස්ථාන හතක කිරි ශීත කිරීමේ නව මධ්‍යස්ථාන ස්ථාපානය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත් ඊට මහ පරිමාණ කිරි ගොවීන් සහභාගි කරගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. යෝගට් හා අයිස්ක්‍රීම් නිෂ්පාදන තුළින් දේශීය කිරි පරිභෝජනය ඉහළ දැමීමෙන් කිරි ගොවියා ශක්තිමත් කළ හැකි බවත් ඒ සඳහා මිල්කෝ සමාගම නිරන්තරයෙන් උනන්දු විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon