සේනා දළඹු මර්දනයට රසායන ද්‍රව්‍ය යෙදූ බඩඉරිඟු අලෙවිය ගැන සෝදිසියෙන්

  👤  2318 readers have read this article !
By mawbima 2019-01-15

නුවන් හෙට්ටිආරච්චි

සේනා දළඹු ආක්‍රමණයට ලක් වූ බඩඉරිඟු හා රසායනික ද්‍රව්‍ය යෙදූ බඩඉරිඟු අලෙවි කරන පුද්ගලයන්ට ආහාර පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

වගා සඳහා විශාල වශයෙන් පැතිරී යන මෙම දළඹුවා නිසා පාරිභෝගික ජනතාව තම සංගමයට කරුණු පැහැදිලි කිරීම නිසා මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බවත් පෙන්වා දෙන ලේකම්වරයා සඳහන් කළේ සේනා දළඹුවාගේ ආක්‍රමණයට ලක්වූ බඩඉරිඟු ආහාරයට ගැනීමෙන් දිගු කාලීන සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බවයි.

මේ වන විට දිවයිනපුරා මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති බවත් සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය යොදා එක් කළ කෘෂි රසායනික ද්‍රව්‍ය තැන්පත්ව තිබේද යන්නද සොයා බලන ලෙස උපදෙස් දී ඇති බවත් ලේකම්වරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon