චන්ද්‍රිකා පසු බසී

  👤  2850 readers have read this article !
By mawbima 2019-01-17

ශිරාන් රණසිංහ

ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය රැකගමු යැයි කියමින් ආසන සංවිධායකවරුන් දිරිගැන්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විට මඟහැරීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලනිප ආසන සංවිධායකයෝ 'මව්බිම'ට පැවැසූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් යටතේ ඉදිරි දේශපාලන ගමන යා යුතු බව කියමින් හිටපු ජනාධිපතිනිය විසින් ආසන සංවිධායකවරුන් සමඟ මීට කලකට පෙර සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂය) සම්බන්ධ නොවී තමන් ඇතුළු පිරිසක් පක්ෂය සමඟ කටයුතු කළ බවත් ඔවුහු කියා සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට අදාළව හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවෙසක පැවැති ශ්‍රී ලනිප සංවිධායක පිරිසකගේ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳ ආන්දෝලනයක් ඇති විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයකින් ජනාධිපතිවරණයකට ගියහොත් තමන්ට යන එන මං නැතිව යන බවත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටවත් අවස්ථාව නොදී හිටපු ජනාධිපතිනිය දැන් මඟහැරීමට පටන් ගෙන ඇතැයිද ඔවුහු කියා සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටි සංවිධායකයන් ඇතුළු පිරිස පත්ව ඇති තත්ත්වය හා ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙම පිරිස ලිපියක් යොමු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon