සතුන්ට වෙන්කළ කිරිපිටි අතුරුදන්

  👤  2563 readers have read this article !
By mawbima 2019-01-17

අනුරාධා හේරත්

සත්ත්ව ආහාර සඳහා මිල්කෝ සමාගම විසින් අලෙවි කළ කිරිපිටි තොගය පිළිබඳ කඩිනම් විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

එම සමාගම විසින් පසුගියදා මිනිස් පරිභා්ජනයට නුසුදුසු සත්ව ආහාර සඳහා නිකුත් කර තිබූ එම කිරිපිටි තොගයෙන් ටොන් 200ක් අදාළ සමාගම විසින් මිලදී ගෙන තිබූ අතර ඉන් කිරිපිටි ටොන් 15කට සිදු වූයේ කුමක්දැයි තවමත් සොයාගෙන නොමැත. මීට ප්‍රබල ඇමැති සොයුරකු සම්බන්ධ බවටද තොරතුරු ලැබී ඇතැයි එම ව්‍යාපාරය සඳහන් කළේය.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ප්‍රකාශ කළේ 1980 අංක 26 දරන ආහාර පනතේ (5) වන වගන්තියට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණීම සඳහා ප්‍රධාන ආහාර බලධාරියාගේ නිසි අවසරය ලබාගත යුතු නමුත් ලද තොරතුරුවලට අනුව අදාළ කිරිපිටි තොගය වෙළෙඳුන්ට විකිණීම සඳහා ටෙන්ඩර් පටිපාටියද අනුගමනය කර නොමැති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon