දේශපාලකයන් අතර කුඩු ජාවාරම් කාරයොත් ඉන්නවා

  👤  2580 readers have read this article !
By mawbima 2019-01-17

හර්ෂනී අර්සකුලරත්න

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ජීවත්වන දේශපාලනඥයන් සිටින බවත් එවැන්නන් සමාජයෙන් අතුගා දැමීමට හැකි

වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි.

රටට හෙණයක් වී තිබෙන්නේ රටේ සිටින නායකයන්, නායකයන් වශයෙන් කටයුතු නොකොට දේශපාලනඥයන් වශයෙන් පමණක් කටයුතු කිරීම යැයිද ඇමැතිවරයා පැවැසීය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ එක්කෙනෙක් දෙදෙනෙක් ඇල්ලීම නොව ඒ පිටුපස සිටින සියලු දෙනා කොටු කර ගැනීමේ වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කෙළේය.

මේ සඳහා පොලිසියේ මැදිහත් වීම ඉහළ තත්ත්වයක පැවැතිය යුතු බවද නොඑසේ නම් විනාශ වී යන්නේ රටේ දරු පරපුර නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු දන්නා අය බියක් හෝ සැකයකින් තොරව අදාළ තොරතුරු පොලිස් ස්ථානවලට ලබාදීමට පසුබට නොවන ලෙසද හෙතෙම පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහරගමදී පැවැති පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon