විපක්ෂ නායක ඇතුළු 49ක් ගොනු කළ පෙත්සම පෙබ. 6 යළි කැඳවන්න නියෝග

  👤  2554 readers have read this article !
By mawbima 2019-01-17

කමල් මහේන්ද්‍ර වීරරත්න

අගමැති ධුරය හා ඇමැති, නියෝජ්‍ය අමාත්‍යාදී ධුරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 3 වැනිදා නිකුත් කළ ආඥාව නීති විරෝධී බව පවසමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනා විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ඊට පසුදිනම ගොනුකළ විශේෂ අභියාචනා පෙත්සම පෙබරවාරි මස 6 වැනි දින යළි කැඳවීමට ඊයේ (16දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය නියෝග කළේය.

අගවිනිසුරු නලින් පෙරේරා විනිසුරුවන් වන ප්‍රියන්ත ජයවර්ධන හා ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එලෙස නියෝග කරන ලද්දේ ඊයේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධිත යම් කරුණක් පිළිබඳව විමසුමට හෝ නිගමනය කිරීමට බලය ඇති එකම ආයතනය වූත්, උත්තරීතර වූත් ආයතනය වන ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ විමසුමට ලක්විය යුතු මෙම කරුණ ඊට පහළ අධිකරණයක් වූ අභියාචනාධිකරණය විසින් විනිශ්චයට ලක් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද බැව් ප්‍රකාශ කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, එම්.යූ. එම්. අලි ශබ්රි, මනෝහර ද සිල්වා, කුෂාන් ද අල්විස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වන ලද අතර ඒ අනුව මෙම විශේෂ අභියාචනාව විභාගයට ගැනීමට ඉකුත් නඩු දිනයේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය.

තවද එකී වාචකය පිළිගත් ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය එකී ක්වෝ වොරන්ටෝ' රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ විභාග කිරීමද එදිනම අත්හිටුවනු ලැබීය. ඒ අනුව අභියාචනාධිකරණය විසින් එකී රිට් පෙත්සම් විභාගය සඳහා නියම කොට තිබූ ජනවාරි 16, 17 හා 18 යන දිනයන්හිදී මෙම විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමටද දින නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon