ලක්දිව ඉන්ජිනේරු ආයතනය පණගැන්වූ සභාපතිවරයා ගෙදර යවයි

  👤  2604 readers have read this article !
By mawbima 2019-01-17

උපතිස්ස පෙරේරා

මහ භාණ්ඩාගාරයෙන් වැටුප් ලබමින් පාඩු ලබන තත්ත්වයක තිබූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ජා-ඇළ, ඒකල පිහිටි ලක්දිව ඉන්ජිනේරු සමාගම (කලින් ලටෙක් ඉන්ජිනේරු ආයතනය) එම තත්ත්වයෙන් මුදාගෙන සේවකයන්ට පහසුකම් සලසා ලාභ ලබන තත්ත්වයට ඔසවා තැබූ එහි සභාපති රවි ගුණවර්ධන මහතා ඉවත් කර නව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් නව සභාපතිවරයකු පත් කිරීමට ගෙන ඇති තීරණය නිසා එම ආයතනය යළි පෙර පැවැති තත්ත්වයට ඇදවැටේ දැයි එහි සේවකයෝ බිය පළ කරති.

යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ගොඩනැඟිලි ගරා වැටෙන තත්ත්වයට පත් වී මහ භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවමින් මිලියන 5ක පාඩු ලබමින් තිබූ ලක්දිව ඉන්ජිනේරු සමාගම ප්‍රතිසංවිධානය කිරීම සඳහා එවකට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයාව සිටි නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් රවි ගුණරත්න මහතා සභාපති ධුරයට පත් කරන විට එහි වාර්ෂික පිරිවැටුම ලක්‍ෂ 30ක් වූ අතර ශ්‍රී ලංගමයට වසරකට සැපයූ බස් රථ ප්‍රමාණය 2ක් විය.

රවි ගුණවර්ධන මහතා සභාපති ධුරයට පත්වූ පසු එහි අබලි ගොඩනැඟිලි නවීකරණය කොට එතෙක් පැවැති සේවක අඩුපාඩුකම් මඟහරවා 2015 ලක්‍ෂ 30ක් වූ පිරිවැටුම 2010 අවසන් වන විට ලක්‍ෂ 180 දක්වා ඔසවා තැබීමට සභාපති වශයෙන් රවි ගුණවර්ධන මහතා සමත් වූ බවද එම ආයතනයේ සේවකයෝ පෙන්වා දෙති. ඊට සාපේක්‍ෂව වාර්ෂිකව ශ්‍රී ලංගමයට සැපයෙන බස් ප්‍රමාණය 2 සිට 10 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බවද ඔවුහු සඳහන් කරති.

ගත වූ වසර තුනක කාලය තුළ එතෙක් ගොඩගැසී තිබූ කම්කරු වන්දි නඩු සියල්ල සමථයකට පත් කර සේවකයන් සඳහා ආපන ශාලාවක්, රැස්වීම් ශාලාවක්, ශ්‍රී ලංගමයට මුදල් ගෙවා සේවක ගමන් බලපත්‍ර, ඔවුන්ට පුහුණු වැඩසටහන්, විනෝද චාරිකා සේම 2018 වසරේ ප්‍රථමවරට බෝනස් මුදලක්ද ලබා දීමෙන් පසු රුපියල් ලක්‍ෂ 50ක ස්ථීර බැංකු තැන්පතුවක්ද සමාගම සතු කර ගැනීමට හැකි වූ බව පෙන්වා දෙන එහි සේවකයෝ අර්ජුන රණතුංග මහතා නොබෝදා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස පත් වූ මේ ආයතනයට නව සභාපතිවරයකු පත් කිරීමට තීරණය කර ඇතැයිද පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon