මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ ගැටලු කතා කරන සාකච්ඡාවට මට ආරාධනා නැතත් මං යනවා

  👤  2610 readers have read this article !
By mawbima 2019-01-17

රුචිර දිලාන් මධුසංක

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා මහවැලි අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) පැවැත්වෙන විශේෂ සාකච්ඡාව සඳහා තමාට කිසිදු ආරාධනයක් නොමැති බවත් ප්‍රදේශයේ සංවිධායකවරිය හැටියට තවන් ඊට අනාරාධිතව සහභාගි වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි කවිරත්න 'මව්බිම'ට පැවැසුවාය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ සහ නිවාස අහිමි වූ ලග්ගල ජනතාවගේ ගැටලු මේ වන තෙක් විසඳීමට පියවර ගෙන නොමැති බවද මන්ත්‍රිවරිය කීවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරිය මෙසේද පැවැසුවාය.

මේ ව්‍යාපෘතිය නිසා දේපළ අහිමි වූ ජනතාව වෙනම ප්‍රදේශයක පදිංචි කළා. හැබැයි ඒ අයට ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. ඔවුන්ට රජයෙන් මාසයකට හරියන්න කියලා වියළි සලාකයක් දෙනවා. ඒක විතරයි ජීවත් වෙන්න තියෙන්නෙ ඒ මිනිසුන්ට.

ඉඩම් අහිමිවුණු අයට ඉඩම් විතරයි. වන්දියක් ලැබුණේ නෑ. වාරි ඉඩම් එපා කිව්වම රුපියල් ලක්ෂ 12ක වන්දියක් දුන්නා. ඊට පස්සෙ ඒකෙන් තමයි මේ අය ගෙවල් හදාගත්තේ. හැබැයි දැන් ඒ අයට ආදායම් මාර්ග නෑ. මම කියන්නෙ මේ ගැන හරි පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මේ ව්‍යාපෘති අධ්‍යක්ෂ හැසිරෙන්නෙ අත්තනෝමතික විදියට. අපිට මේ ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් දෙන්නවත් අඩුම තරමේ මේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නම්‍යශීලී නෑ. අද තියෙන රැස්වීමටත් මට ආරාධනා නෑ. මමයි මෙහෙ ආණ්ඩු පක්ෂ සංවිධායක. ඒ නිසා මම අනාරාධිතව මේකට යනවා. ගිහින් කතා කරනවා" යැයිද මන්ත්‍රිවරිය කීවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon