නිධන් හෑරීමට ගිය ‍ෙදාළොස් දෙනෙක් අත්අඩංගුවට

  👤  959 readers have read this article !
By mawbima 2019-01-17

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

නවගත්තේගම - තම්මැන්නාවැටිය ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක නිධානයක් ගොඩදැමීමට කටයුතු කරමින් සිටි 12 දෙනකු නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා (15දා) දහවල් මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන විට එම ස්ථානයේ සිටි දෙදෙනකු පලාගොස් ඇත. සැකකරුවන් අඩි 08ක පමණ ගැඹුරට කැණීම් කටයුතු සිදුකර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කුරුණෑගල, අඹන්පොළ, ගම්පහ, බත්තරමුල්ල, කොට්ටාව, අනුරාධපුරය, තඹුත්තේගම, හෝමාගම, ගොකරැල්ල සහ ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.

ඒ අතරින් ගල්ගමුවේ පදිංචිකරුවා වයස අවුරුදු 60ක් පමණ වන මන්ත්‍රාචාර්යවරයා බවත් හෙතෙම 1989 වර්ෂයේදී මෙම ස්ථානයේ ඇති බව කියන නිධානය ගොඩගැනීම සඳහා පැමිණ ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත. එදිනද පොලිසිය විසින් වැටලීමක් සිදුකර එම ස්ථානයේ සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති නමුත් මොහු පලාගොස් තිබී ඇත.

සැකකරුවන් නිධානය ගොඩදැමීම සඳහා පැමිණි වාහන දෙකක්, කැණීම් උපකරණ ඇතුළු තවත් දෑ එම ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon