අක්කරෙයිපත්තු නියෝජ්‍ය නගරාධිපතිට ලක්ෂයක ශරීර ඇප

  👤  2568 readers have read this article !
By mawbima 2019-01-18

චාමර අමරසූරිය

සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම මඟ හරමින් සිටි අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆුර් අස්මි (33) යන අය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නොපැමිණීම සම්බන්ධයෙන් එම කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා නොතීසිද ලබා ගෙන ඇත.

අනතුරුව එම නොතීසිද මඟ හරිමින් සිටි මෙම සැකකරුට එරෙහිව අධිකරණය පසුව වරෙන්තුවක් නිකුත් කර ඇතැයි පොලිසිය පවසයි.

ලබා ගත් වරෙන්තුවට අදාළව සැකකරු පෙරේදා (16දා) රාත්‍රියේදී මරදාන, ඩීන්ස් පාර ප්‍රදේශයේ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

සැකකරු ඊයේ (17දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇති අතර ඔහුට ලබන 29 වැනිදා සිට 31 වැනිදා තෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශ ලබාදෙන ලෙසට නියෝග කර ඇත.

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ තොරතුරු සැපයීමේ චෝදනාව මත මෙම විමර්ශන කටයුතු ඔහුට විරුද්ධව ආරම්භ කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon