වෛද්‍ය පීඨය විවෘත කිරීමට ගිය අගමැතිට සබරගමුව සරසවි සිසුන්ගේ විරෝධය

  👤  934 readers have read this article !
By mawbima 2019-01-18

රත්නපුර - රුචිර අබේමාන්න

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨය විවෘත කිරීමට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දේශපාලන අධිකාරියට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධතාව එල්ල විය.

දේශපාලන අධිකාරිය වෛද්‍ය පීඨය විවෘත කිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයයි. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය කුරුවිට බටුහේන ප්‍රදේශයෙන් අවහිර කරමින් සරසවි සිසුහු තම විරෝධතාව ප්‍රකාශ කර සිටියහ. පැය 2ක පමණ කාලයක් විරෝධතාව පැවැති අතර පසුව මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමන කටයුතු සඳහා ලබා දෙන ලදී.

විරෝධතාව සඳහා පැමිණි සිසුන් රැගත් බස් රථ ඕපනායක පොලිසිය මඟින් පරීක්ෂාවට ලක්කර ඇති අතර, විරෝධතාව පැවැති ස්ථානයට පොලිස් කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාර රථද ගෙන්වා තිබිණි.

විරෝධතාව අතරතුර පොලිසිය හා සිසුන් අතර උණුසුම් වචන හුවමාරු සිදුවන අයුරුද දැකගත හැකි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon