ප්‍රජා පොලිස් කමිටු එකමුතුවෙන් ඉදිකළ නිවාස 20ක් හෙට ජනතා අයිතියට

  👤  911 readers have read this article !
By mawbima 2019-01-18

රත්නපුර කොට්ඨාසයේ කහවත්ත පොලිස් වසමේ පවුල් 20ක් වෙනුවෙන් ප්‍රජා පොලිස් කමිටු එකමුතුවෙන් කහවත්ත පොලිසිය විසින් ඉදිකරන ලද නව නිවාස 20ක් පිරිනැමීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19දා) පස්වරු 4ට කහවත්ත සෘෂිනිනෙක්තනාරාම පුරාණ විහාරස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම නිවාස කහවත්ත පොලිස් වසමේ ග්‍රාමසේවා වසම් 20ක පදිංචි පවුල් 20ක් වෙත භාර දීමට නියමිතය. ඉදිකරන ලද නිවාස නිරීක්ෂණය කිරීම පොලිස්පති විසින් එදින පෙරවරුවේ සිදු කිරීමටද නියමිතව ඇති අතර මෙම නිවාස ඉදිකිරීම සඳහා ප්‍රජා පොලිස් කමිටු, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් ප්‍රජාව විසින් සම්පත් දායකත්වය ලබාදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon