ඊ - හෙල්ත් කාඩ්පත පෙබරවාරියේදී ජනතාව අතට

  👤  908 readers have read this article !
By mawbima 2019-01-18

උදයන්ති මුණසිංහ

මෙරට ජීවත්වන සියලුම ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමට එළැඹෙන පෙබරවාරි මාසයේදී ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසුවේය.

ඊ හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම තුළින් කිසියම් රෝගියකුගේ සම්පූර්ණ රෝගී වාර්තා ඊට ඇතුළත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයකුට කඩිනමින් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

මෙය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගිය වසරේ අප්‍රේල් මස 07දා පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වැනි සංවත්සර උළෙලේදී සිදුකෙරිණි.

කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ හෙල්ත් කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
නව තාක්ෂණය හඳුන්වාදීම තුළින් ජනතාවට කඩිනමින් සේවා කටයුතු කිරීමට මෙමඟින් හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ අතර දිවයින පුරා රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙළද සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවැසූ අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, හොරණ මූලික රෝහලෙන් 2015 වසරේදී ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට අනුව මේ වන විට රෝහල් 500කට ආසන්න සංඛ්‍යාවක් පරිගණකගත කර ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon