නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට අප හා එක්වන්න

  👤  1222 readers have read this article !
By mawbima 2019-01-21

ලක්ෂ්මී ජයකොඩි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතුවලදී තමන් හා එක්ව කටයුතු කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා එම කණ්ඩායමට දෙමළ ජාතික සන්ධානය ඇරැයුම් කර සිටී.

එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් මෙම ඇරැයුම් සිදු කරනු ලබන අතර, ඔහු පෙන්වා දෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දේශපාලන පක්ෂ මෙන්ම මාධ්‍යද විවිධ බොරු ප්‍රචාර පතුරවමින් සිටින බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සඳහා බාධා නොකරන්නැයි එම පාර්ශ්වයෙන් ඉල්ලා සිටින ඒ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සඳහා එක්වන්නැයි එම පාර්ශ්වයන්ටද තමන් ගෞරවයෙන් යුතුව ඇරැයුම් කරන බවද සුමන්තිරන් මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon