ජනාධිපති සතු බලතල පාවිච්චි කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලන්න යයි

  👤  1242 readers have read this article !
By mawbima 2019-01-21

ජේ.ටී. ද සිල්වා

පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පත් කරන ලද සමාලෝචන කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාර නොදීම නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීම පිණිස ජනාධිපතිවරයා සතු බලතල ක්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ ඉල්ලීමට යයි.

සමාලෝචන කමිටු වාර්තාව පිළියෙල කිරීම සඳහා ලබාදී ඇති මාස දෙකක කාලය තවත් දීර්ඝ කරන ලෙස අගමැතිවරයා විසින් කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලීමක් කර ඇතත් ඒ සඳහා කාලය දීර්ඝ කිරීමට නීතිමය ප්‍රතිපාදන පනතේ සඳහන් වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා 'මව්බිම'ට පැවැසීය.

මෙවන් තත්ත්වයක් යටතේ පළාත් සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පාර්ලිමේන්තුව විසින් හෝ ජනාධිපතිවරයා විසින් හෝ සිදු කළ යුතුව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ නියෝජිතවරු ඉකුත්දා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ පැරැණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මඟින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසා දිය යුතු බවත් එසේ නොකෙරෙන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ උපදෙස් ලබාගැනීමට සිදුවන බවත් ප්‍රකාශ වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon