සාදු නාද මැද කැලණි පෙරහර නිමාවට පත්වේ

  👤  1175 readers have read this article !
By mawbima 2019-01-21

කැලණිය _ කුසුම් එස්. හැන්නදි

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහ විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර පෙරේදා (19දා) රාත්‍රි අලි - ඇතුන් සහ නර්තනාංග රාශියකින්ද සමන්විතව විහාරස්ථ උඩමළුවේදී පවත්වන ලදී. දෙස් විදෙස් විශාල ජනතාවක් පෙරහර නැරැඹීමට එක්ව සිටියහ. උඩමළුවේ වට තුනක් ප්‍රදක්ෂිණා කළ දුරුතු පෙරහර බැතිමතුන්ගේ සාදු නද මැදින් නිමාවට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පෙරහර ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන කැලණි පෙරහර මහනුවර දළදා පෙරහට පමණක් දෙවැනි වන අතර 92 වැනි වරට මෙවර පවත්වන ලද දුරුතු පෙරහර වසරේ ආරම්භක පෙරහරද වේ.

මෙවර කැලණි පෙරහරට රුපියල් ලක්ෂ පහක මූල්‍ය ප්‍රතිපාදන සපයා දී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon