සේනා දළඹුවාගෙන් හානි වූ වගාවන්ට වහාම අදාළ වන්දි ගෙවිය යුතුයි

  👤  1167 readers have read this article !
By mawbima 2019-01-21

අනුරාධා හේරත්

වගා වන්දිවලට පොලු තැබූ ආණ්ඩුව මෙවරත් සුපුරුදුª පරිදි සේනා දළඹු හානියට පත් බඩඉරිඟු ගොවියාටත් වන්දි නොගෙවීමේ උපක්‍රම පාවිච්චි කරමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි.
සේනා දළඹු විශේෂයෙන් මේ වන විට හානියට පත් බඩඉරිඟු වගාව 60% දක්වා ඉහළ ගොස් ඇතැයිද එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න "මව්බිම"ට පැවැසීය.

අනුරාධපුර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පැවැසුවේ මෙම වගාවට එතරම් හානියක් වී නොමැති බව වුවත් ඔහුගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා අවධාරණය කළේය. කරුණාරත්න මහතා පැවැසුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේත් අමාත්‍යාංශ නිලධාරීන්ගේත් ප්‍රකාශ සලකා බැලීමේදී ඔවුන් හිතා මතා ගොවියාට වන්දි ගෙවීම මඟහැරීමේ සූදානමක් පවතින්නේද යන්න ප්‍රබල සැකයක් මතුව ඇති බවයි.

කෙසේ නමුත් සේනා දළඹු විශේෂයෙන් හානි වූ වගාව පිළිබඳ නිවැරැදි තක්සේරුවක් කළ යුතු අතර එය බඩඉරිඟු කරලට නොව සමස්ත වගා හානියක් සේ තක්සේරු කළ යුතු බවත් අදාළ වන්දි වහාම ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම ආණ්ඩුවට අනුව මෙවර බඩඉරිඟු වගා කර ඇත්තේ හෙක්ටයාර 81,000ක් වුවත් එය හෙක්ටයාර් ලක්ෂයක් පමණ ඇති බවද ඔහු පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon