යළි එල්.ටී.ටී.ඊය ඊළමක් ඉල්ලා සටන් කරන්නේ නෑ

  👤  2622 readers have read this article !
By mawbima 2019-02-11

මේ රටේ යළිත් කිසිම දිනක ආයුධ සන්නද්ධව එල්ටීටීඊ සංවිධානය වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින බවට තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් පැවැසුවාය. අමාත්‍යවරිය මේ බව පැවැසුවේ යාපනයේ මනිපායි ප්‍රදේශයේ පැවැති උත්සවයකදීය.

එහිදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කියා සිටියේ යුද්ධය නිසා උතුරු නැඟෙනහිර දෙපළාතේම අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බවයි.

වත්මන් ආණ්ඩුව උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට විශාල උත්සාහයක් ගන්නවා. යුද්ධය අවසන් වී වසර අටක් පමණ ගතවන තුරු එදා පැවැති ආණ්ඩුවට දමිළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදීමට හැකි වුණේ නැහැ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස උතුර නැඟෙනහිර පළාත්වල තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හා වෙනත් සමාජ විෂමාචාර ක්‍රියාවලට යොමු වුණා.

දමිළ තරුණ තරුණියන් මේ අන්දමට අපරාධවලට හා වෙනත් විෂමාචාර ක්‍රියාවලට යොමු වී විනාශ වීම පිළිබඳව තමන් මවක් ලෙස කනගාටුවට පත්වෙනවා. ඉතා ඉක්මනින්ම මේ විනාශ වූ සමාජය යළි නිවැරැදි මාවතට ගත යුතුයි. උතුර නැඟෙනහිර පළාත්වල සිදුවන මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ඇතැම් විට සතුටට පත්විය නොහැකියි.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon